Student portal ↗

වාර්ෂික සිව්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සාර්ථකව අවසන්

SITC celebrated its fourth annual diploma convocation at the Bandaranaike Memorial International Conference Hall in September 2023.

වාර්ෂික සිව්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සාර්ථකව අවසන්

From the SITC archive. This article preserves the original publication and may describe past offers, roles or events. Contact admissions for current information.

විද්‍යා හා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වාර්ෂික සිව්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය ඊයේ දින, එනම් 2023 සැප්තැම්බර් මස 17 වන ඉරිදා දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

මෙහිදී සරසවියේ මනෝවිද්‍යා අධ්‍යයන අංශය මගින් පැවත්වූ මනොවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරු විද්‍යාර්ථයින් 3000 කට අදික පිරිසක් තම ඩිප්ලෝමා සුදුසුකම් ලබාගත්තේය.

මෙම ප්‍රධානෝත්සවය 2023 වසරේ සරසවිය විසින් පැවැත්වූ සිව්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය වන අතර සරසවියේ වසරේ පළමු ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2023 ජනවාරි මස 14 වන සෙනසුරාදා දිනත් වසරේ දෙවන ප්‍රධානෝත්සවය අප්‍රේල් මස 08 වන සෙනසුරාදා දිනත් වසරේ තුන්වන ප්‍රදානෝත්සවය ඉකුත් ජූලි මස 15 වන සෙනසුරාදා දිනත් පාඨමාලා කිහිපයක සැසි කිහිපයක් ලෙස කොළඹ බණ්ඩාරනායක ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ අන්දමින්ම අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණි.

← Back to newsContact SITC ↗

More from SITC

All stories ↗