Student portal ↗

වාර්ෂික තුන්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සාර්ථකව අවසන්

A look back at the third annual diploma convocation, held at BMICH in July 2023.

වාර්ෂික තුන්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සාර්ථකව අවසන්

From the SITC archive. This article preserves the original publication and may describe past offers, roles or events. Contact admissions for current information.

විද්‍යා හා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වාර්ෂික තුන්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය ඉකුත් 2023 ජූලි මස 15 වන සෙනසුරාදා දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

මෙහිදී සරසවියේ භාෂා අධ්‍යයන අංශය මගින් පැවත්වූ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ සහ සමාජවිද්‍යා අධ්‍යන අංශය මගින් පැවත්වූ සමාජවිද්‍යාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සහ සයිබර් ආරක්ෂන සහ එතිකල් හැකින් පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක SDFL සහ සරසවියේ තොරතුරු තාක්ශන අධ්‍යන අංශය මගින් ඒකාබද්ධව පැවැත්වූ තොරතුරු තාක්ශන ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු විද්‍යාර්ථයින් 3000 කට අදික පිරිසක් තම ඩිප්ලෝමා සුදුසුකම් ලබාගත්තේය.

මෙම ප්‍රධානෝත්සවය 2023 වසරේ සරසවිය විසින් පැවැත්වූ තුන්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය වන අතර පළමු ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2023 ජනවාරි මස 14 වන සෙනසුරාදා දිනත් දෙවන ප්‍රධානෝත්සවය 2023 අප්‍රේල් මස 08 වන සෙනසුරාදා දින කොළඹ බණ්ඩාරනායක ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ අන්දමින්ම ඇති උත්කර්ශවත් ලෙස පැවැත්වුණි.

← Back to newsContact SITC ↗

More from SITC

All stories ↗